
මුහුණ සේදීමෙදී නියම තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරනවානම් සමට සිදුවෙන හානි වලක්වා ගන්නට පුළුවන්. පුරුද්දක් ලෙස දෛනිකව ඔබ සිදුකරන ඇතැම් දේවල් හේතුවෙන් ඔබේ සමට යහපතක් වගේම හානිකර තත්වයන්ද ඇති වෙන්නට පුළුවන් බව මතක තබා ගන්න.
කලයුතු දේවල්
1. පළමුව අත් සෝදන්න.
මුහුණ සේදීමට යැමේදී ඔබ පළමුව කලයුතු වන්නේ අත් සේදීමයි. ඔබ එය පළමුව සිදු නොකරන්නේ නම් ඒ හේතුවෙන් බැක්ටීරියා සහ විෂබීජ මුහුණේ තැවරෙන්නට පුළුවන්. අත්සේදීම සඳහා ඔබ වෙනම සබන් විශේෂයක් හෝ නිෂ්පාදනයක් භාවිතා කරනවානම්, මුහුණ සේදීමට ප්‍රථමව අත්ලේ තැවරී ඇති සබන් පළමුව සෝදා හරින්න. මොකද, ඇතැම් අත්සෝදන සබන් සහ අනෙකුත් නිෂ්පාදන බොහෝවිට මුහුණේ නොරිස්සුම් තත්වයන් ඇතිකිරීමට සමත් වෙනවා.
2. මේකප් එක ඉවත්කරන්න
මේකප් එක ඉවත් කරන විට, කුඩා පුළුන් කොට්ටයක් සහ ඔලිව් තෙල් හෝ පොල්තෙල් භාවිතා කරමින් පිරිසිඳු කරගන්න. ඇස් අවට ඇති සම ඉතාමත් සියුමු නිසා ඒ අවට ඇති මේකප් ඉවත් කිරීමේදී විශේෂයෙන්ම මෙම ක්‍රමවේදය භාවිතා කරන්න.
3. දවසකට දෙවරක් මුහුණ සෝදන්න
මුහුණ වැඩිපුර සෝදන්න එපා, ඒ හේතුවෙන් මුහුණේ සම ආරක්ෂා කරමින් තෙතමනය රදවා තබා ගන්නා ලිපිඩ සමෙන් ඉවත්ව යන්නට පුළුවන්. උදයේ මුහුණ සෝදන විට එය මෘදුව සිදුකරන්න. රාත්‍රියේදී ඔබට පුළුවන් වඩාත් හොඳින් මුහණ පිරිසිඳු කරගන්නට.
4. මෘදු පිරිසිඳු කාරකයක් හෝ සෞඛ්‍ය සම්පන්න සබන් වර්ගයක් (ඔර්ගනික් සෝප්) භාවිතා කරන්න.ල අ්ිය ේජැ ල ිනසබ ජ්රු
මුහුණ පිරිසිඳු කිරීම සඳහා යම් පිරිසිඳු කාරකයක් හෝ සබන් වර්ගයක් භාවිතා කරන විට රසායනික ද්‍රව්‍ය වලින් තොර ස්වභාවික දෙවල් අන්තර්ගත මෘදු පිරිසිඳු කාරකයක් හෝ සබන් කැටයක් භාවිතා කිරීමට මතක තබා ගන්න. මුහුණ සේදීමෙදී යම් සුවදවත් බවක් ඔබට අවශ්‍ය නම් (ලැවෙන්ඩර් තෙල්) වැනි ඉසේන්ෂල් ඔයිල් වර්ගයකින් බිඳු දෙකක් තුනක් පමණ ජලයට එකතු කරගන්න. සමට අහිතකර නිෂ්පාදන මගහැරීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම හොඳ විකල්පයක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්.
5. පළමුව හිසකෙස් සෝදා අනතුරුව මුහුණ සෝදන්න
ස්නානය කිරීමේදී මෙම යහපත් පුරුද්ද මගහරින්නට එපා. හිසකෙස් සේදීම සඳහා භාවිතා කරනලද ෂැම්පු හෝ කන්ඩිෂනර් වර්ගය සෝදා ඉවත් කල පසුවයි ඔබ මුහුණ සේදිය යුතු වන්නේ. මොකද, ඇතැම් ෂැම්පු සහ කන්ඩිෂනර් වර්ගයන් වල කුහර අවහිර කරන (පෝර් ක්ලොගින්ග් ) ද්‍රව්‍යයන් අන්තර්ගත වෙනවා. ඒ හේතුවෙන් මුහුණේ සම මත නොරිස්සුම් තත්වයක් හෝ කුරුලෑ ඇතිවෙන්නට පුළුවන්.ල ාැඑදං ඉදාහ
සිදු නොකළ යුතු දේවල්
1. ශීත හෝ උණුසම් ජලය භාවිතා කිරීම
ස්නානය කරන විට ශීත හෝ උණුසම් ජලය භාවිතා කරන්නට එපා. ඉතාමත් මද උණුසුමකින් යුතු ජලය නම් ගැටළුවක් වන්නේ නැහැ. ඔබ භාවිතා කරන්නේ උණුසුම් ජලය නම් ඒ හේතුවෙන් රුධිර කේශනාලිකා සහ වාහිනී බිඳීමකට ලක්වෙන්න පුළුවන්. එමගින් ඔබේ සමට තරුණ සහ දිදුලන බවක් ලබාදෙන සමේ ස්වභාවික තෙතමනය ඉවත්වෙන්නට පුළුවන් බවද හොඳින් මතක තබා ගන්න. ශීත ජලයද සමේ ඇති විවර වසා දැමීමට ක්‍රියා කරනවා.ල ය්සර කදිි
2. වානිජමය මුහුණු පිරිසිඳු කාරකයන් භාවිතා කිරීම
මුහුණු පිරිසිඳු කාරකයන් (ෆෙස් ක්ලීනර්ස්) භාවිතා කිරීමේදී ඉතාමත් පරිස්සම් වියයුතුයි. සම ආරක්ෂා කරගැනීම සඳහා යම් නිෂ්පාදනයක් භාවිතා කරනවානම් එහි අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. එම නිෂ්පාදන වල සර්ෆැක්ටන්ට් , හෝමෝන වලට බාධාවන් ඇතිකරන රසායනික ද්‍රව්‍ය , ප්ලස්ටිසයිසර්ස් සහ පිළිකාකාරක අන්තර්ගත වෙනවා නම් මිලදී ගැනීමෙන් වලකින්න.
3. දැඩිව ඇතිල්ලීම
වැඩිපුර ඇතිල්ලීම සහ හේදීම නිසා සම මත නොරිස්සුම් තත්වයන් ඇතිවෙනවා. මුහුන සේදීමෙදී ඇතිල්ලීම සහ සේදීමද මෘදුව සිදුකරන්න.
4. මුහුණ වියලාගැනීම සඳහා ඇතිල්ලීම
මුහුණ වියලාගැනීමේ අරමුණෙන් යුතුව මුහුණ තදින් ඇතිල්ලීම කරන්න එපා. වතුර හොඳින් උරා ගන්නා පිරිසිඳු තුවායක් වැනි යමක් භාවිතා කරමින් අතින් තට්ටු කරමින් තෙත මාත්තු කිරීම තමයි ඔබ කලයුතු වන්නේ. ඔබ භාවිතා කරන තුවාය පිරිසිඳුව නොතිබුණහොත් ඒ හේතුවෙන් සම මත නොරිස්සුම් තත්වයන් ඇතිවෙන්නට හැකියාව තිඛෙන බව හොඳින් මතක තබා ගන්න.
මිතුරන් දැනුවත් කරන්න ලිපිය ඉහලින් ෂෙයාර් කරන්න.


No comments:
Post a Comment